පෝලියෝ හැදුණත් දිරිය මව දරු දෙන්නා රකි


රාගම පදිංචි නෝනා ගර්ටි මහත්මිය තමන්ගේම යැයි හිසට සෙවණකුදු නොමැතිව කුඩා දරු දෙදෙනෙකුන් හා ගත කරන අසීරු ජීවිතය ජයගැනීම සදහා සහය පතන්නීය.

නෝනා ගර්ටි 43 හැවිරිදිය.ඇයගේ සංවේදී කතා පුවත ඇසෙන්නේ රාගම පුනරුත්ථාපන රෝහලේ වෘත්තීය පුනරුත්ථාපන අංශයෙනි.ඇය එහි මැහුම් පාඨමාලාවක් හදාරන්නීය.වයස අවුරුදු 7 සිට පෝලියෝ රෝගයෙන් පීඩා විදින ඇයට හරිහැටි ඉද ගැනීමට පවා නොහැක.ඒ යැයි කියා ජීවිතය ජය ගැනීමට දරන උත්සාහය අත්හැර දැමිීමට ඇය සූදානම් නැත.

‘‘පවුලේ ගැටලූ හින්දම මගේ අධ්‍යාපනය මගදී කඩා වැටුණා.පස්සේ මම බැන්දා.මහත්තයා කළේ කුලී වැඩ.බැදලා දරුවෙක් ලැබුණා.ගැහැණු දරුවෙක්.පවුලේ බර වැඩි වෙද්දී මම රට ගියා.එක සැරයක් නෙවෙයි දෙතුන් සැරයක්ම.සෞදි,කුවෙට් වගේ රටවල් වලට තමයි මම ගියේ.මට හරියට ඇවිදගන්න බැහැ තමයි.එහෙමයි කියලා එක තැනකට වෙලා ඉන්න මම කැමති වුනේ් නැහැ.මම මුදල් ඔක්කොම එව්වේ මගේ ස්වාමියා අතට.එයා ඒවා නාස්ති නොකළත් එක එක දේවල් සදහා වියදම් කළා.අන්තිමට මම එද්දී වැඩි දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.‘‘ ඇය කියන්නීය. පසුව ශී‍්‍රලංකාවේම රැදී සිට දරුවා රැකබලා ගෙන ජීවත් වන්නට ඇය තීරණය කළාය.

‘‘ඔය කාලයේ තමා මම මැහුම් ගැන උනන්දු වන්නට පටන් ගත්තේ.මම පොඩි කාලයේ ඉදන්ම ආසයි මැහුම් ගෙතුම් වලට.ඉතින් ගෙදරට වෙලා ඉන්න කොට එක එක දේවල් මම මැහුවා.බෑග්,මෝස්තර වගේ ඒවා.මම මහන්නය කියලා කිසිම දෙයක් හරි විදිහට ඉගෙන තිබුණේ නැතත් මට පුලූවන් වුනා දෙයක් දැක්කහම ඒක ඒ විදිහටම මහන්න.ඔය වගේ මහපුවා විකුණලා මම සල්ලි හෙව්වා.ඇත්තම කියන්න හොද ඉල්ලූමකුත් තිබුණා.‘‘ වෙහෙසට පත්ව තිබෙන ඇගේ දෑස් කෙටි වේලාවකට ආඩම්බරයෙන් දිලේ.

සියල්ල කණපිට හැරෙන්නට ගත්තේ ඇය නොසිතූ පරිදිය.

‘‘දෙවැනි දරුවා ලැබෙන්න ආවා මට.ඔය අතරෙදි මගේ පවුලේ අය මට එන්න කිව්වා කොළඹ.මම ඒ වෙනකොට හිටියේ මහත්තයත් එක්ක මාතර කුලියට ගත්ත ගෙයක.එයා එපා කියද්දීම මම මගේ ලොකු දුවත් අරගෙන ආවා කොළඹ.ඉස්පිරිතාල වලටත් ළගයිනේ.එත් ඇවිල්ලා නිදහසේ ඉන්න හම්බවුනේ නැහැ.මගේම පවුලේ අය මගෙන් වැඩකාරියක වගේ වැඩ ගත්තා.මොනවා කරන්නද මම ඒ ඔක්කොම ඉවසගෙන හිටියා මගේ දරුවා වෙනුවෙන්.මේ කාලයේ තමයි සුනාමි ආවේ.මගේ මහත්තයා ඒකට අහුවෙලා නැති වෙලයි කියලා මට ආරංචියක් ලැබුණා‘‘ ඇයගේ දෑස් කදුලින් පිරේ.

ඇයට උන්හිටි තැන් දැන් අහිමිය.පවුලේ අයගේ තාඩන පීඩන මැද ජීවත් වීම හැර අන් කිසි මාර්ගයක් ඇයට නොවූවාය.අනේක විද දුක් කරදර විදිමින්ම ඇය කුසයේ හුන් දරුවා කොළඹ රෝහලකදී බිහි කළාය.අලූත උපන් දරුවාද ගැහැණු දරුවෙකි.

කෙතරම් දුක් කරදර පැමිණියද දරු දෙදෙනා හදා වඩා ගැනීමට දීමට ඇය නොපෙළඹුනි.දරු දෙදෙනා ඉල්ලා ඇය වෙත ලැබුණු ඉල්ලීම් අප‍්‍රමාණය.

‘‘එකසැරේට මම කෑගහලා අඩනවා.මගේ දරුවනුත් මාත් එක්කම අඩනවා.අපි තුන්දෙනා කී සැරයක්නම් එකට මැරෙන්න හිතලා ඇතිද.එක පාරක් කෑම එකට වහ කවලම් කරගෙන කාලා මැරෙන්න හැදුවා.එත් තුන්දෙනාගෙන් එකෙක් හරි ජීවත්වුනොත් එයාට විදින්න වෙන දුක ගැන හිතලා කෑම ටික විසිකරලා දැම්මා.ඒ තරමට මගේ හිත අවුල් වෙලයි තිබුණේ‘‘ ඇගේ හඩ වේදනා බරය.

කොළඹ සිටි සමයේ තමන්ට ආධාර වෙන්නැයි ඉල්ලා ඇය නොගිය තැනක් නොමැති තරම්ය.වරක් බොරැල්ලේ වෙසෙන එක්තරා ඇමතිවරයෙක් හමුවීමට ගිය ගමනක් ඇය සිහියට නගයි.

‘‘මහ විශාල ගෙයක්.මම ගිහිල්ලා මගේ දුක කියලා ඔහු ළග වැදවැටුණා.‘‘මේ ගෑණිට කියක් හරි දීලා යවනවා‘‘ කියාගෙන එයා වාහනයට නැග්ගා.නගිද්දී සාක්කුවෙන් ගත්ත රුපියල් පණහක් මගේ දිහාවට විසි කළා.එයාගේ ආරක්ෂකයෝ මාව ගෙදරින් පාරට ඇදලා දැම්මා‘‘ ඇය පවසන්නීය.

මේ අතර ඇය හදුනාගත් කාන්තාවක මාර්ගයෙන් ඇයට රාජගිරිය ප‍්‍රදේශයේ ළමා නිවාසයක් හා සම්බන්ධ වීමට හැකිවූවාය.මිතුරියගෙන් ලැබූ උපදෙස් පරිදි දරුවන් දෙදෙනා එහි නැවැත්වීමට ඇය කැමතිවූවාය.

කොළඹ ජීවිතයෙන් පසු ඇය මවගේ උපදෙස් පරිදි මොණරාගලට පැමිණියාය.එහි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ රැකියාවක් සොයාගැනීමට ඇයට හැකිවූවාය.නමුත් ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීම මෙන්ම බර වැඩ කිරීමට සිදුවීම වැනි දුෂ්කරතා නිසා ඇයට එතැන සේවය කිරීම අපහසුවූවාය.පෝලියෝ රෝගී ගැහැණියකට සුදුසු වැඩකටයුතු නොවේය එතැන තිබූයේ.පසුව එහි ඇය හදුනාගත් හිතවතියක ඇයට යෝජනාවක් කළාය.

‘‘එයා මට ඇගලූම් කර්මාන්තශාලාවක රැකියාවක් හොයලා දුන්නා කොළඹ පැත්තෙන්.ආය කොළඹ එන්න මම කැමති වුනා.කෙරවළපිටිය පැත්තේ තමයි වැඩ තිබුණේ.මම වැඩ කළා ඉවරයක් නැතිව.නිවාඩුවක් හම්බවුනු ගමන් දුවන්නේ ළමයි ගාවට.එයාලාට පාසැල් නිවාඩු වාර වගේ නිවාඩුවක් හම්බවෙනවා.එතකොට එයාලාව එහෙ තියාගන්නේ නැහැ.මේ හින්දා මම රාගම පැත්තෙන් ගෙයක් කුලියට ගත්තා.‘‘ ඇය පවසන්නීය.

ඇගලූම් කර්මාන්තශාලාවේ වැඩ දුෂ්කරය.නොනවත්වාම රෙදී මැසීමේ යන්ත‍්‍ර භාවිතය ඇය වැන්නියකට ඉතා අපහසු විය.ඇය සිතට දිරිගෙන දිගින් දිගටම වැඩෙහි යෙදුණාය.අවසානයේ කොදුඇට පෙළ ඇද වන්නට පටන්ගැනීම නිසා ඇයට වැඩ අත්හැර දැමිීමට සිදුවූවාය.

‘‘මම බෙහෙත් ගන්න ගිය තැන දොස්තර මහත්තයා ඇහුවා ‘‘මි හරක්ගෙන්ද වැඩ ගත්තේ‘‘ කියලා.මගේ කොන්ද ඇද වෙලා ඇඹරිලා තිබුණේ.පස්සේ මම ආයුර්වේද ප‍්‍රතිකාර කරන්න ගියා.ඒවායින් ගුණයක් ලැබුණා ඇත්තටම.එත් දිගටම එවා කරගෙන යන්න සල්ලි මදිවුනා.ඉතින් මගදී නැවැත්වුවා.දැනටත් මගේ කොන්දේ ආබාධය තියෙනවා.ඒකට ප‍්‍රතිකාර කරන්න  ඕනේ.එත් විදිහක් නැහැ.‘‘ ඇය කියන්නීය.

මේ සා දුක්කරදර පැමිණියද මැහුම් ගෙතුම් කටුයතු වෙනුවෙන් වූ තම ආශාව ඇය අත්නොහැරියාය.ඇය ඉඩක් ලද සෑම විටෙකම විවිධ දේ මැසුවාය.ඒවා විකුණා මුදල ඉපැයූවාය.

‘‘පුලූවන් හැම වෙලේම මම මැහුවා.විකිණුවා.ඒවා හොදට විකිණුනා.හැම කෙනාම කිව්වේ ලොකුවට කරන්න ඔයාට දුර ගමනක් යන්න පුලූවන්ය කියලා.ඒත් ඒ තරම් දෙයක් කරන්න මට හයියක් නැහැ.ඇත්තටම මේ ආයතනයට සම්බන්ධ වෙන්න ලැබිච්ච එක වාසනාවක්.මට ප‍්‍රතිකාරත් දැන් ලැබෙනවා.ඒ එක්කකම මැහුම් වැඩ ගැන හොද පුුහුණුවකුත් ලැබෙනවා.හැමෝම මට කරුණාවන්තයි.‘‘ ඇයගේ මුහුණට මද එළියක් වැටේ.

‘‘මට පුලූවන් තනියෙන් නැගිටින්න.මගේ මැහුම් වැඩ නිසා දැනටමත් සැළකිය යුතු කිහිපදෙනෙක් ඉන්නවා මම මහන දේවල් මිලදී ගන්නා.සපයන එක තමයි ගැටළුව.මට මගේම කියා මැසිමක් නැහැ.ආයතනයට පැමිණිලා තමයි මහන්නේ.අනෙක මැසිමක් තිබ්බත් ඉන්න හිටින්න හරි හමන් තැනක් නැහැ.‘‘ ඇය කියන්නීය.

කෙතරම් දුක් ගොන්නක සිරවී සිටියද ඇය අනෙක් අය වෙනුවෙන් නිරතුරුවම කැපවන්නියකි.තම දුක අමතර කර අනෙක් අයගේ දුක නිවන්නට ඇය කටයුතු කරන්නේ කෙසේදැයි සිතාගැනීමටවත් නොහැකිය.

‘‘මෙහෙට පැමිණියාට පස්සේ මම පල්ලියට ගොඩක් ළං වුනා.ඇත්තටම මගේ දුක අඩු කරන්න තමයි ඒ.ඒකෙන් මට ගොඩක් අය අදුරගන්න පුලූවන් වුනා.මම වින්ද දුක ඒක නිසා මට කැපකරන්න වුනු දේවල් වලින් මම ඉගෙන ගත්ත දේ මම ඒ අය දුකෙන් ඉන්නකොට කියලා දෙනවා.එයාලටත් පුදුමයි මම මෙහෙම හිනාවෙලා ඉන්නවා දකිනකොට.ඒ ඇතිවුනු බැදීම නිසා එයාලා මට ගොඩක් උදවු උපකාර කරනවා.ඇත්තටම ඒ ලැබෙන උදවු නිසා තමයි මේ තරමට හරි මම ඔලූව උස්සගෙන ඉන්නේ‘‘ ඇය පවසන්නීය.

තමන් පමණක් ගොඩ යෑමටද ඇයගේ අදහසක් නැත.

‘‘මම වගේම ගැහැණු අය මට හමුවෙලා තිබෙනවා.ඒ අයටත් මාත් එක්ක හවුලේ කරන්න පුලූවන් දෙයක් ගැනත් මම හිතමිනුයි ඉන්නේ.මගේ අදහසක් තියෙනවා බිම්මල් වගාවක් පටන් ගන්න.එයාලාවත් හවුල් කරගෙනම කරන්න පුලූවන්නේ‘‘ ඇය කියන්නීය.

‘‘මෙහෙම හිනාවෙලා හිටියට මම ඉන්නේ හැමවෙලේම පිච්චි පිච්චි.දරු දෙන්නා දකින්න නැහැ.ඉන්න හිටින්න මගේ කියලා තැනක් නැහැ.ඒත් ඒ ඔක්කොම වහගෙන මම ඉන්නවා.සමහර දවස්වලට මම යටි උගුරෙන් කෑ ගහලා අඩනවා.ඉවසගන්න බැරි වුනාම.යන්න පුළුවන් ඔක්කොම ගාවට ගිහිල්ලා,ලියුම් තොග ගණන් එක එක අයට ලියලා මම තියෙන්නේ.ඒ ඔක්කොගෙන්ම සළකා බැලීමට වඩා දෙයක් ලැබුණේ නැහැ.මට නැගිටින්න පුලූවන්.ඒකට මට කාගේ හරි ආධාරයක්  ඕනේ.මට මගේ කියලා ඉන්න හිටින්න තැනක් තියෙනවනම් මේ ඔක්කොම පොඞ්ඩ පොඞ්ඩ හදාගන්න මට පුලූවන්.‘‘ ඇය අපේක්ෂාසහගතව පවසන්නීය.

නෝනා ගර්ටිගේ පුහුණු කටයුතු භාරව සිටින රාගම පුනරුත්ථාපන රෝහලේ වෘත්තීය පුනරුත්ථාපන අංශයේ මැහුම් අංශයේ ගුරුවරියක වන රම්‍යා මහත්මිය පවසන්නේද ගර්ටි යනු උදවු කළයුතම වන කාන්තාවක බවයි.ඇයට මැහුම් ගෙතුම් කටයුතු සදහා උපන් හැකියාවක් ඇති බවත් එය තවත් ඔප් නැංවීමට ආයතනයෙන් ලබා දෙන පුහුණුවට අමතරව ඇයගේ දිවියේ ඇති බරපතල ගැටලූ වලටත් විසදුමක් ලබා ගතහැකි මාර්ගයක් ඇයට ලැබෙන්නේ නම් ගර්ටි ලොවම ජයගනු ඇති බවත් ඇය පවසන්නීය.

‘‘ගර්ටි කියන්නේ මේ රටේ උදවු ලැබිය යුතු පුද්ගලයින් අතරිනුත් උදවු ලැබිය යුතුම වන කෙනෙක්.ඇය රටට වැඩක් කළ හැකි කාන්තාවක්‘‘ රම්‍යා මහත්මිය තම සිසුවිය හදුන්වාදෙන්නේ එළෙසය.

ඇයට උපකාර කිරිමට අවැසි අයෙක් වේ නම්  -

ඇයගේ ගිණුම් අංකය - 239 2 001 4 0008606

මහජන බැංකුව,ජා ඇල ශාඛාව දුරකථනයෙන් ඇමතීමට කැමති අයෙක් වෙතොත් අංකය -  0754061640