සෞදි අරාබියේ දැනට ක්‍රියාත්මක පොදු සමා කාලය යටතේ විශාල වශයෙන් අවතැන්වූ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් තම පිටවීමේ වීසා පත ලබා ගැනීම සඳහා දමාම් නයින්ටි වන් (91) ආගමන විගමන කාර්යාලයය අවට සහ ඉන්දන පිරවුම් හල අසල රැඳී සිටිමින් ඉතාමත් පීඩාවට සහ තෙහෙට්ටුවට පත්ව කිසිදු අහරක් නොමැතිව අධික හිරු රශ්මිය මධ්‍යයේ දින ගනන් එළිමහනේ නිදා සිටිති.
මේ සමගම ජෙඩා කලාපයේ විගමන කාර්යාලය වෙත එවන ලද හාරසියයකට අධික ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද සිටිති.
තම කැමැත්ත සහ හැකියාව අනුව මෙම අසරණව සිටින පිරිසට අඩුම තරමින් ආහාර පැකැට්ටුවක් හෝ බීමට පානීය ජලය බෝතලයක් පිරිනමන්නැයි ඉල්ලීමක් කරයි.

