( සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )
වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තටාකයට දමා ඇතැයි පොලිසිය කියයි.
එම හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ යෙදී සිට ඇති අතර, ඒ මොහොතේ පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති බව සදහන් වේ.
ඔවුන් මත්පැන් පානය කරමින් අවේලාවේ දියනෑම නිසා එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.
එහිදී උරණ වූ පෝලන්ත ජාතිකයින් ඇය නිල ඇඳුමෙන්ම පිහිනුම් තටාකයට දමා ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය කීය.