(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැඩි ආරක්ෂාව සඳහා මුළුතැන්ගේ පෝරණුවේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 19 වටිනාරන් භාණ්ඩ කිසිවකු සොරාගෙන ගොස් ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.
බුලත්කොහුපිටිය හිග්ගොඩ ප්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ අයිතිකාරි වූ 57 හැවිරිදි කාන්තාව මේ බව බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
මෙම රන් භාණ්ඩ පෝරණුව තුළ සඟවා ඇති බව හොඳින් දැන සිටි අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි
මෙම සොරකම සිදුකළ පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

