පෝයට ඉරිදට ටියුෂන් එපා : සඟරුවන උපවාසයේ


පොහෝය දිනයන්හි සහ ඉරිදා දිනයේ උපකාරක පන්ති නතර කරන ලෙස ඉල්ලා බිම් පොකුණ රාජ මහා විහාරාධිපති පොතානේගම ආනන්ද හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා පහළොස් නමක් අද (05) ගල්ගමුව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී උපවාසයක් ඇරැඹූහ.

පෝය දින හා ඉරිදා දින ගල්ගමුව නගරයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ආයාතන 13ක් ලබන වර්ෂය සදහා නව පන්ති ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් එයින් බෞද්ධ දරුවන්ට ශාසනික ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලකීමට සිදු වන බවත් එය වැලැක්වීමට මෙම උපවාසය ආරම්භ කර ඇතැයි පොතානේගම ආනන්ද හිමියෝ පවසති.

Galgamuwa-sanjeewa-(5)-(1) Galgamuwa-sanjeewa-(5) Galgamuwa-sanjeewa-(14)

20141205_132309