දකුණු සුඩානයේ 70%ක තෙල් නළ පද්ධතිය වසර 50කින් කොළඹ හරහා චීනයට රැගෙන යාමේ යටි අරමුණින් චීනය කොළඹ ගාලූ මුවදොර මුහුදු නගරයක් ඉදි කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමු විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.ශ‍්‍රීධරන් මහතා වව්නියාව කුරුමන්කාඩුවේ පක්‍ෂ කාර්යාලයක් විවෘත කරමින් කීවේය.
මුහුදු නගරයක් කියන්නේ ලොව බලවත්ම රටවලටත් මෙන්ම ප‍්‍රාන්ත රටවලටත් අනතුරු දායක දෙයක් චීනය මෙම ප‍්‍රදේශවලට ඇවිත් තම පාදය ඉතා ගැඹුරට තියලා මෙච්චර ඉඩ ප‍්‍රමාණයක් අරන් යුවාන් කෝටි ගණනක් මුදල් ආයෝජනය කර එමඟින් නගරයක් ස්ථාපිත කරන්නේ ඇයි? ඇමරිකාව සහ ඉන්දියාව මේක සුළු කොට සලකන්නේ නැහැ මේක හොඳ දෙයක් කියලා යුරෝපීය රටවල් හිතුවෙ නැහැ. ඒ අය දීර්ඝව කලපනා කළා. ආයුධයක් නැතිව ලේ වැගිරීමක් නැතිව ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පරාජය කිරීමේ න්‍යාය පත‍්‍රයක් ඒ රටවලට තිබුණා ඒ සඳහා අප භාවිතා කළා නොවේද? මේ පිළිබඳව වත්මන් රජය ගැඹුරින් සිතිය යුතුයි.

