සිය පෙම්වතියට (39)ඉතාලියේ මිලානෝ නගරයේ බාජ්ජියෝ ප්‍රදේශයේදී පහර දුන්නැයි පෝකර් සුදු අන්තුවකු වන පෙම්වතා (23) අත්අඩංගුවට ගත් ඉතාලි පොලීසීය පෙම්වතිය රෝහල් ගත කළේය.
දින 15 ක්ම ඇයට රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදු වෙතියි පොලීසිය කියයි.
මුලදී ඇගෙන් යුරෝ 100 (රුපියල්18000 ) ඉල්ලා ඇතැයිද පසුව යුරෝ 200 (රුපියල් 36000 ) ක් ඉල්ලා ඇත. මුදල් නොලැබුණු නිසා ඇය ඉන්ටනෙට් මධ්‍යස්ථානයක් අසලට ඇදගෙන ගොස් තම පෙම්වතිය මුදලට හුවමාරු කරන බව දන්වා ඇත.
ඊට මහජන ප්‍රතිචාර නොලැබුණු නිසා පෙම්වතියට පහර දෙමින් ඒ අසල උද්‍යානයකට ඇදගෙන යද්දී ඇගේ විලාපය ඇසුණු පිරිසක් පොලීසියට දන්වා ඇත.මේ දෙදෙනා අසියා සංක්‍රමණිකයෝය.