පැවැති දිගු නියගය හමාර කරමින් පොළොන්නරු දිස්ති‍්‍රක්කයට වැසි ලැබීමත් සමග පරාක‍්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 79250ක්ව පවතින බවත් තිබු ජල ප‍්‍රමාණයත් සමග සියයට දහයක ඉහළ අගයක පවතින බවත් පොළොන්නරු වාරිමාර්ග අධ්‍යක්ෂක ආර්. එම්. පී. කරුණාරත්න මහතා පවසයි.
මින්නේරිය වැවේ අක්කර අඩි 54200ක් ද ගිරිතලේ වැවේ අක්කර අඩි 12000ක් සහ කවුඩුලු වැවේ අක්කර අඩි 32900ක් පවතින බවත් එම වැව්වල ජලමට්ටම 5%කින් ඉහළ ගොස් ඇති බවත් මෙලෙස වර්ෂාව දිගටම ලැබුණොත් ඉදිරි යල් කන්නය කිසිදු ජල හිගයකින් තොරව ආරම්භ කළ හැකි බවත් ඒ මහතා කීවේය.





