පොළොන්නනරුවේ කිසිදු වෙළඳසලක රජයේ පාලන මිලට හෝ වැඩි මිලට නාඩු සහ සම්බා සහල් නැති බව පාරිභොගිකයෝ කියති. කියන්න තරම් සහල් හිඟයක් පොළොන්නරුවේ නැති බවත් එසේ ඇත්නම් එය ව්‍යාපාරිකයන් සහල් සැගවීම නිසා ඇතිවූවක් විය හැකි බවත් පොළොන්නරු දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා පැවසීය. එසේ සහල් සඟවා ඇති බවට තොරතුරු දන්න අය වහාම පාරිභොගිකසේවා අධිකාරියට හෝ තමාට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ප‍්‍රගතිශිලි ගොවිජන සම්මේලනයේ සභාපති එම්. කේ. ජයතිස්ස මහතා කියා සිටියේ රජය සතුව දැන් වී නැති බවත් හාල් මිල සේම වී මිලත් පසුගිය දිනවල ඉහළ ගිය බවත්ය. දැන් තැනින් තැන ගොයම් කැපීම ආරම්භ වී ඇති බවත් ගොවියාගේ දහදියෙන් වගා කරන කිසිම දෙයකට ගොවියාට ලාබයක් ගත නොහැකි බවත් ඔහු කීවේය.

