පොළොන්නරුවට සිරිපාල ගම්ලත්


මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පුරප්පාඩු වූ පොළොන්නරුව දිස්ත්‍රික් ආසන සංවිධායක ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කර ඇත. පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා විසින් මෙම පත්කිරීම සිදු කරන ලැබීය . ගම්ලත් මහතා හිගුරක්ගොඩදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්  මහින්ද රාජපක්ෂ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩකරන බවත් පැවැසීය.   මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, උතුරු මැද කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය ආර්.එම්.පී.බී.රත්නායක,  පළාත් සභා මන්ත්‍රීවරු ද  ප්‍රාදේශීය සභා සභාපතිවරු ද මන්ත්‍රීවරු රැසක් ද එකුවූහ.