
(නිමල් ජයරත්න )
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීමෙන්,එහි ජල කඳ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමත් සමඟ පොළොන්නරුව මඩකලපුව දුම්රිය ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල අතර දුම්රිය මාර්ගය කැඩී දැඩි ලෙස හානියට පත්ව ඇති බව පොළොන්නරුව දුම්රිය බලධාරීහු සඳහන් කරති.
මනම්පිටිය ගල්ලෑල්ල අතර දුම්රිය මාර්ගයේ ශිල්පර කොටන් සහ යකඩ රේල්පීලි ගංවතුරට ගැලවී ගොස් ඇති අතර මනම්පිටිය දුම්රිය ස්ථානයටද දැඩි ලෙස හානි සිදුව ඇත.
පොළොන්නරුව මනම්පිටිය අතර විනාශයට පත් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු කිරීමට දිගු කාලයක් ගතවනු ඇති බවත්, මාර්ගය අලුත්වැඩියා කටයුතු කිරීමට අවශ්‍ය උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ප්‍රදේශයෙන් පිට පළාත්වල තිබෙන නිසා ඒවා ගෙන්වා ගැනීමටද අපහසුතා පවතින බව පොළොන්නරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොළොන්නරුව මනම්පිටිය දුම්රිය මාර්ගයේ පසුගිය දින කීපයේ පැවැති ගංවතුර තත්ත්වය නිසා දින හතරක පමණ කාලයක් යටව පැවිති අතර එම කාලය තුළ ප්‍රදේශයේ ගවයන්, මුවන් ඇතුළු වන සතුන් ගසාගෙන විත් දුම්රිය සිල්පර කොට අතර සිරවී මියගොස් ඇති බවට පොළොන්නරුව වනජීවී නිලධාරීන් සඳහන් කළහ.



