පොළොන්නරුවට දෙපැයකට පසු යළි වැසි ඇති විය. අවතැන් වු පිරිස පහළොස් දහස ඉක්මවයි.ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක ග්‍රාම නිලධාරී කොට්ඨාස අසු අටකට ගං වතුර පවතී.ඉන් පාසල් පන්සල් ඇතුළු කඳවුරුවල සිටිනුයේ හය දහසකට ආසන්න පිරිසකි.එවැනි කඳවුරු තිස්තුනක් ඇත.
පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑල්ලේ ජල මට්ටම අඩි පහකි.පරාක්‍රම සමුද්‍රයේ දොරටු දහයම අඩි අට බැගින් විවෘත කර ඇත.තත්පරේට ඝන අඩි දොළොස් දහසක් නිකුත් කැරේ.
කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු දහයක් අඩි තුනහමාර බැගින්ද ඉතිරි දෙක අඩි හතර බැගින්ද විවෘත කර ඇත. තත්පරයට ඝන අඩි දහසයදහසක් මුදා හැරේ.





