වත්මන් රජයෙන් අහෝසි කරන ලද තේ සහ කුඹුරු පොහොර සහනාධාරය ඒ ආකාරයෙන්ම නැවත තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා පිටිගල නගරයේදී ගොවීන් පිරිසක් අද (13) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පැයදෙකක පමණ කාලයක් තේ ගස් ,වී පඳුරු, රබර් රොටි ,ප්‍රදර්ශනය කරමින් පිටිගල බස් නැවතුම් පොළ ඉදිරියේ පැවතී මෙම උද්ඝෝෂණයට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ද සිල්වා,දකුණු පළාත් සභා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල,දකුණු පළාත් සභා මන්ත්‍රී දුල්ශාන් කාරිය වසම්,හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන් වන උදේනි අතුකෝරල,කේ.ශාන්ත තිලක ,චරිත් අසේල,නලින් ප්‍රියදර්ශන ,කරුණාසේන පොන්නම්පෙරුම ඇතුළු කුඹුරු හා තේ ඉඩම් හිමියෝ විශාල පිරිසක් සහභාගී
වුහ.

