පොහොට්ටුවේ සභාපතිවරුන් හෙට කොළඹට කැදවයි


(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම  සභාපතිවරු  කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට හෙට (21) කැඳවනු ලැබ සිටිති.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

සියලු පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන මස 19 වැනිදායින් අවසන් වෙයි.