
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 'අභියෝග බිද අභිලාෂ ජයගමු' යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන මැයි දින රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී සම්ප්‍රාප්ත විය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු ද මෙම රැලියට සහභාගි වී සිටිති.
අධ්‍යාපනවේදී කිරිඔරුවේ ශ්‍රී ගුණානන්ද ස්වාමීන් වහන්සේ පැමිණ සිටි සියලු දෙනාම පංචශීලයේ පිහිටුවා රැළියේ කටයුතු ආරම්භ කළහ.

