බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තුළදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අජිත් කුමාර සෙනෙවිරත්න මහතාට පහර දී තුවාල සිදුකළ බව කියන එක්සත් ජනතා නිදහස් සංවිධානයේ හිටපු මන්ත්‍රී නිශාන්ත සරත් කුමාර හෙවත් රාජා යන අය නීතිඥ මාර්ගයෙන් බාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇත.
අදාළ සිද්ධියෙන් පසු ප්‍රදේශය හැර ගොස් සිටි සැකකාර හිටපු මන්ත්‍රීවරයා දින තුනකට පසු මෙසේ බාර වූ බව පොලිසිය පවසයි.