පොහොට්ටුවේ තනතුරු තුනකට පත් කරයි


 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනතුරු තුනක් සඳහා නව පත්කිරීම් අද සිදුු කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධීකාරක වශයෙන් සදිල් බණ්ඩාර, එක්සත් රාජධානියේ  ශාඛා සම්බන්ධීකාරක ලෙස අනුර මැදගෙදර සහ එක්සත් රාජධානියේ  පිහිටි විශ්වවිද්‍යාල සම්බන්ධීකාරක වශයෙන් දිනේත්‍ර විජේරත්න මහත්වරු පත්වීම් ලැබූහ.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතින් කොළඹදී මෙම පත්වීම් ප්‍රදානය කෙරිණි.

මේ අවස්ථාව සඳහා පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, පොදුජන තරුණ පෙරමුණේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී ජොහාන් ප්‍රනාන්දු මහත්වරු ද සහභාගී වූහ.