පළාත් පාලන මැතිවරණයට නිදහස් ජනතා සන්ධානයේ ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කිරීමට නාමයෝජනා භාරදී සිටින මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හයක සභාපතිවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා නිකුත් කර ඇති ලිපිය ලබන මාර්තු 9 වැනිදා දක්වා අත්හිටුවමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
වැලිගම, තිහගොඩ, කඹුරුපිටිය, දික්වැල්ල, කිරින්ඳපුහුල්වැල්ල, හක්මන සහ අකුරැස්ස යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා මේ මස 7 වැනිදා යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසුව මෙම වාරණ නියෝග පනවා තිබේ.

