
(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර,පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.
මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබීය.

