පොහොට්ටු මන්ත්‍රී සජබ රැස්වීමට


(නිමල කොඩිතුවක්කු)

පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද(20) එක්ව සිටියහ.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කණ්ඩායම් රැස්වීම  අද පස්වරුවේ පැවැත්විණ.

එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය, රට පත්ව ඇති අසීරුතාවය, ආණ්ඩුවේ මර්ධනකාරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු  පැවසීය.

මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,  සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් යබාකීර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.