(අංජුල මහික වීරරත්න)
අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සියලු ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටී.
අවශ්‍යතා ඇති ජනතාවට සහන සැලසීමට කටයුතු කිරීමට පෙරට එන ලෙස පක්ෂ සාමාජිකයින්ට ආරාධනා කරන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
"ආපදා කළමනාකරණය සහ සහන සේවා සදහා වන රාජ්‍ය වැඩපිළිවෙළට උපරිම ලෙස සහාය වෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු මට්ටමේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
අනවශ්‍ය රෙගුලාසි වල හිර වෙලා මිනිස්සුන් අසරණ කරන්නේ නැතුව බිමේ යථාර්ථය තේරුම් අරගෙන සහන සේවා කඩිනම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.මේ වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ප්‍රායෝගික වීම මිස න්‍යායන් වල හිරවෙන එක නොවෙි" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

