(නිමල කොඩිතුවක්කු)
පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා දන්සැල් 7021 ක් අද(8) දිනය වනවිට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
දන්සල් 98 ක් මිහින්තලේ පුදබිම ආශ්‍රීතවත් දන්සල් 193 ක් අනුරාධපුර පූජා නගරය ආශ්‍රීතව ලියාපදිංචි වී ඇතැයිද එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසීය.
දන්සල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2500 ක් යොදවා ඇතැයි ද ඔහු සඳහන් කළේය. දන්සල් වලින් වැඩි ප්‍රමාණයක් උතුරු මැද පලාතේ ලියාපදිංචි වී ඇති බැවින් එම ප්‍රදේශයේ දන්සල් පරීක්ෂාවට වැඩි නිලධාරීන් පිරිසක් යොදවන බවත් මුතුකුඩ මහතා කීවේය.
දන්සැල් පැවැත්වීමට පෙර ඒවා ලියාපදිංචි කිරීම අනිවාර්ය වන බවත් ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සූදානම් බවද ඔහු සඳහන් කළේය.
දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් පොසොන් පොහොයට පෙර දින දන්සල ලබාදෙන අවස්ථාවේදී සහ දන්සල දී අවසන් වූ විට අනිවාර්යයෙන්ම පරීක්ෂාවට ලක් කරන බවද ලේකම්වරයා පැවසිය.
බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ද ඒ මහතා සඳහන් කළේය.
මේ දිනවල බොවෙන රෝග සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් අන් අයගේ යහපතා තකා හැකි තරම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් මුතුකුඩ මහතා පැවසීය. දිවයින පුරා පැවැත්වෙන සියලු දන්සැල් පොසොන් සතිය පුරාවට අඛණ්ඩව පරීක්ෂා කිරීම් වලට ලක් කරන බවද ඔහු සඳහන් කළේය.
අපිරිසිදු ආකාරයට ආහාර පිලියෙළ කරන සහ සනීපාරක්ෂාවට අහිතකර ආකාරයෙන් ආහාර පිළියෙළ කරන දන්සල් එම ස්ථානයේදිම නතරකිරීමට කටයුතු කරන බවද මුතුකුඩු මහතා තවදුරටත් පැවසීය.


