පොලොං හිකනලා නිකිනි වගේ


පන්නල පරගම්මන රක්ෂිතයෙන් දුර්ලභ හිකනළු දුටු බව ඩී ඇම් අනිල් දසනායක මහතා කියයි.

පොලොං හිකනලා යනුවෙන් සිංහල බසින් හැ`දින්වෙන සුදු කළු රේඛා සහිත හිකනලා ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ සත්ත්ව විශේෂයකි. වියළි කලාපයේ තුරු මත ජීවත්වන මේ හිකනලා සෙන්ටි මීටර අටක් පමණ දිගට වැඩෙන කුඩා සත්ත්ව විශේෂයකි.

ඩසියා හලියානස්   ලෙස සත්ත්ව විද්‍යාත්මකව හ`දුන්වන මේ සත්ත්වයා නම්කැර ඇත්තේ මෙරට ප්‍රථම කෞතුකාගාර අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය අම්බ්‍රඩ් හේලි මහතා සිහිවීම පිණිසය.

පැරණි රුපියල් දෙකේ කොළයේ එක් පැත්තක් සැරසූ පොලොං හිකනලා ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්වයකු ලෙස හ`දුනාගෙන එම මුදල් නෝට්ටුවට ඇතුලත් කැර තිබුණ ද ඉන්දියාවේ ද මේ සත්ත්ව විශේෂය සිටින බව එරට විද්‍යාඥයෝ කීහ. ඉන් වසර ගණනාවකට පසු ඉන්දියාවේ සිටින එම සත්ත්වයා හා ශ්‍රී ලංකාවේ සිටින සත්ත්වයා පරීක්ෂාවට ලක්කළ සත්ත්ව විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවේ සිටින මේ හා සමාන වූ හිකනලාත් මෙරට පොලොං හිකනලාත් විශේෂ එකක් නොව දෙකක් බව තහවුරු කළහ.

කකුල් කොට හිකනලෙක් ද ශ්‍රී ලංකාවේ සිටී. ඒ හිකනලා හීරළුවා ලෙස හැඳිවෙයි. හිකනලා තෙත් හා වියළි කලාපයේ ජීවත්වන බව තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ උරග හා උභය විද්‍යාඥ සමීර කරුණාරත්න මහතා කියයි.

ඉන්දියාවේ සිටින සුදු පැහැති මුදු සහිත හිකනලා ඩසියා සබ්කේරුලියම්  ලෙස නම් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිටින ඩසියා හලියානස්   විශේෂය මෙරටට ආවේණික විශේෂයක් ලෙස යළි පිලිගැණිනි.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පමණක් දැකිය හැකි මේ සත්ත්ව විශේෂය පල්ලෙගම, දඹුල්ල, පොළොන්නරුව, බකමූණ, අනුරාධපුරය, පලටුපාන හා යාපනය වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

බොහෝ කුලෑටි සත්ත්වයකු වන ‘පොළොං හිකනලා‘ තුරු මත වසන බැවින් දැකගැනීම අතිශය අසීරුයැයි පරිසරවේදීහු පවසති.

DSC_0006 DSC_0008 DSC_0013 DSC_0023 DSC_0026