උදයන් පුවත්පතේ කිලිනොච්චි ශාඛා කාර්යාලයට අද අලුයම පොලු ප්‍රහාරයක් එල්ල වී පුවත්පත් බෙදාහරින්නන් දෙදෙනකු සුළු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.යාපනයේ මුද්‍රණය කළ පුවත්පත කිලිනොච්චි හා මුලතිව් දිසාවන්හි බෙදා හැරීමට සූදානම් වෙද්දී මේ ප්‍රහාරය එල්ලවූ බවත් උදයන් කාර්යාලයය කියයි. මේ වසරේ මීට පෙර උදයන් දිනකුරල් හා වාලම්පුරි පුවත්පත් බෙදාහරින්නට ප්‍රහාර තුනක් එල්ල විය. අද අලුයම ප්‍රහාරය කළ අය හෝ ඊට පෙර ප්‍රහාර එල්ල කර අය මෙතෙක් පොලිසියට අසු වී නැත.
.jpg)


