සමාජශාලා නළඟනක වන දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි හෙවත් නයි නළඟන කටුනායකදී අත්අඩංගුවට ගැන්නා ලෙස ආගමන විගමන පාලකට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද ඉවත දැමීය.
පසුගිය අප්‍රේල් හතර වැනිදා උසාවි නොපැමිණි නිසා ඇය අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කළේය.
මෝසමක් මගින් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැන්වූයේ ඇය සිටින තැනක් හෝ ඇගේ ස්ථිර ලිපිනය හෝ සොයා ගත නොහැකි බවයි. ඇය උසාවි කොන්දේසි කඩකරමින් එතෙර ගොස් ඇතැයි ද පොලීසිය කීවේය.
මහේස්ත්‍රාත් පොලීසිය දැන්වූයේ ඇය ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් වරෙන්තුවේ කොපියක් ගුවන්තොට පොලීසියට දීම අනුමත කරන බවයි.