පසුගිය හත්වැනිදා බණ්ඩාරගම පොලීසියෙන් පැන ගිය බව කියන කාන්තාව මීගමුවේ සිට බසයේ තණමල්විලට එද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එක් දරු මවක වන ඇය රන් භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියේ සිටියදී පැන යාමට ඉඩ දුන්නැයි පොලිස් පරීක්ෂකවරයකු,සැරයන්වරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කෙරිණි.
එම තිදෙනාම ඇය අත්අඩංගුවට ගැනීමය ගිය බව වාර්තා වේ

