පොලීසියෙන් ගැහුවයි ගමක් පාරේ


පොලීසියෙන් යැයි කියාගත් පිරිසක් දික්වැල්ල කෙමගොඩ පන්සලේ පොසොන් පෙරහැර සංවිධානය කරමින් සිටි පිරිසකට සෙනසුරාදා රාත්‍රී පහරදුන්නැයි කියන සිද්ධියක් මත ගම්වැසියෝ ද ප්‍රාදේශීය දේශපාලඥයෝ ද මාතර තිස්සමහාරාම ප්‍රධාන පාර අවහිර කරමින් විරෝධයක් ඇරඹූහ. මේ නිසා පොසොන් වන්දනාවේ යාමට පැමිණි සියළු වාහන දික්වැල්ල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළ නතර වී තිබේ. දෙපැත්තේම වාහන පෝලිම් දික්වී ඇත. පොලීසියට එරෙහිව මෙම උද‍ඝෝෂණය පවත්වන බව විරෝධතා කරුවෝ කියති.