පොලීසියට ඇසිඩ් ගැසූ ගෙට ගිනි


තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගන්නට ගිය පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනකුට  ඇසිඩ් ගැසීයැයි රිමාන්ඩ් කර සිටින සැකකාර අඹුසැමි යුවළගේ නිවස පෙරදින රාත්‍රියේ (13)   ගිනි තබා විනාශකර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

සැකකරුවන්ගේ දරුවන් ඥාති නිවසක නිදා සිටි නිසා ඔවුනට අනතුරක් වී නැතැයි ද කියති.

පසුගිය සෙසුරාදා (9) එල්ල කළ ඇසිඩ් පහරින් කොස්තාපල්වරු තිදෙනෙක් තුවාල ලැබූහ. දෙදෙනෙක් කොළඹ ඇස් රෝහලේ ප්‍රතිකාර ලබති.