යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත්තැයි කියන කාත්තන්කුඩ් පොලීස් සැරයන් මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමදුල්ලා රුපියල් 2000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කාත්තන්කුඩි පොලීසියේ සියලු දෙනා ශාලාවකට කැඳවා දණ ගස්වන ලදැයි කියන සිද්ධියට හේතු වුයේද මේ සිද්ධීයයි.
අල්ලස ගෙන ඇතැයි කියනුයේ යතුරු පැදිකරුට රක්ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය නොමැතිවීම නිසා යැයි අධිකරණයේදී කියැවිණි.