කැළණියේ සිට කොළඹ ආරක්ෂක අමාත්‍යංශය වෙත පැමිණෙමින් සිටි සරසවි සිසුන් පොලිසියේ අණ නොතකා ඉදිරියට ගමන් කරද්දී පොලිස් ජල ප්‍රහාර ක්‍රියාත්මක විය.
එහෙත් මුල්ම ජල ප්‍රහාරය එල්ල වුයේ පොලීසිය දෙසටමය.ඒ කොළඹ ලෝටස් පාරේදීය.වැරැදි දිසාවට ජල ප්‍රහාරක නළය යොමු වීම නිසා සිය ගණන් පොලිස් නිලධරයෝ මොහොතින් තෙත් බරිත වුහ.ඒ අවස්ථාවේ සිසිහු සිටි පැත්තෙන් හු හඩ නැඟි ආවේය.
ජල ප්‍රහාරක ක්‍රියාකරු ඉන් පසු ජල නළ වටේටම යොමු කළේය.
උද්ඝෝෂණය එතැනින් අවසන් විය.
(වීඩියෝ ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

