පොලීසිය පෙරට වඩා හොඳයි


වසරේ මුල් මාස තුනේදි පොලීසිය විසින් සිදුකළ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 30 ක් හා අත්තනෝමතික රඳවා තබාගැනීම් 30 ක් පිළිබඳ පැමිණිළි ලැබී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි. පොලීසිය එම කාලයේ සිදුකළ අමානුෂික වදහිංසා පිළිබඳ ලැබී ඇත්තේ එක් පැමිණිල්ලක් පමණක් බවත් පැවසූ ඒ මහතා කියා සිටියේ පොලීසිය විනයානුකූලව කටයුතු කරමින් මිනිස් අයිතිවාසිකම් සුරැකීමට වඩාත් ප්‍රමුඛත්වය දියයුතු බවයි. ඔහු මේ බව පැවසුවේ ගාල්ලේ පොලිස් නිලධාරීන් අමතමින් ගාලු දිසාපති කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.