ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයිති කාරියක් කිරීමට පොලීසියට බලයක් නැතැයි නඩුවක සැකකරුවකු වන කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් ෆයිසර් නිදහස් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද තීන්දුවක් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක අනවසරයෙන් තාවකාලික මඩුවක් තැනුවේයැයි ඔහුට විරුද්ධව පොලීසිය විසින් නඩු පැවැරිණි.
පොලීසිය එම මඩුවද කඩා දමා ඇත.
පොලීසිය මුළුමනින්ම නීතියට එරෙහිව කටයුතු කර ඇතැයි කී මහේස්ත්‍රාත් මේ නඩුව පැවරීමේ බලය ඇත්තේ පොලීසියට නොව ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට බව අවධාරණය කළේය.