සිදාදියට ගෙනවුත් විකිණීම සඳහා කළුවරගස් වැව තබ්බෝව කැලේ කූඩු කර සිටි ගිරවුන් තුන්සියයක් පමණ සොයාගත් කළුවර ගස් වැව පොලීසිය එම සතුන් මුදා හළේය.
කසිප්පු වැටලීමකට කැලයට ගිය පොලීසිය මේ ගිරා කූඩුව දැක ඇත.
ගිරවකු නගරයට ගෙනවුත් රුපියල් තුන්සියයකට පමණ විකුණන බව කියති.
ගිරවුන් අල්ලා විකිණීම සපුරා තහනම්ය.