කොළඹ කච්චේරියට බදාදා (5) පෙරවරුවේ නාම යෝජනා බාර දීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ජගත් කුමාර මහතා ගරාජ නොම්මරයක් සහිත වාහනයකින් පැමිණි බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ කීර්තී තෙන්නකෝන් මහතා මැතිවරණ කොමසාරිස්ට හා පොලිස්පතිට ලිපියකින් දැන්වීය.
එහි අංකය ලෙස සටහන්ව තිබුණේ ඩබ්ලිව් පී සී 8665 යන්නය. වාහනය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රතු පැහැති රථයකි.
ගරාජ් අංක භාවිත කරමින් මැතිවරණ කටයුතු සිදු කිරීම පසුගිය මැතිවරණයන් හි දී අප නිරීක්ෂණය කළ සුලබ සිදුවීමකි. එපමණක් ද නොව රජයේ වාහන ව්‍යාජ අංක තහඩු සහිතව සහ ගරාජ් අංක සහිතව ධාවනය කිරීම ද එමෙන්ම සුලබ සිදුවීමක් වූවේය.
මැතිවරණ නිලධාරීන් මැතිවරණ නිරීක්ෂකයින් පමණක් නොව අපේක්ෂකයින් සහ පක්ෂ නායකයින් ද සිය ගණනක් පොලිස් නිලධාරීන් ද එහි සිටි නමුත් ඒ කිසිවකුත් ඒ වාහනය නොදුටු බවක් ඔහු කියයි.

