පොලී මුදලාලිගෙ සිරුර රුවන්වැල්ලෙන්


පොලිසියෙන් බව කියමින් අත්තනගල්ල වෙලගෙදර නිවසකින් අද  අළුයම පැහැරගත් පොලී මුදලාලි කෙනකුගේ සිරුර  රුවන්වැල්ල   ගෝනගල්දෙනියෙන් සොයාගත් බව පොලීසිය කියයි.

අද අලුයම එකට පමණ සුදු වෑන් රියකින් පිරිසක් පොලීසියෙන් බව කියමින් තම සැමියා (මලිත් නිරෝෂණ) රැගෙන ගිය බවත්, උදයට නිට්ටඹුව පොලීසියට එන ලෙස දැන්වූ බවත් බිරිය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.