පොලිස් නිලධාරීන්ගේ නමින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ඉල්ලා සිටිමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අසංග කරවිට, ගල්කිස්ස කොට්ඨාස භාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර කරවිට, පොලිස් අධිකාරී ප්‍රේමලාල් රණගල සහ පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් පිටිගල, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාගේ අවශ්‍යතාවට යැයි කියමින් නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර පොලිස් පරීක්ෂක කන්දෙවත්ත මහතාගේ නම සඳහන් කරමින් ද මුදල් ඉල්ලා දුරකතන ඇමතුම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.
පොලිසියේ කිසිම ඉහළ නිලධාරියකු මෙවැනි දුරකථන ඇමතුම් ලබා නොදෙන බවත්, එවැනි දුරකථන ඇමතුමක් ලද හොත් මුදල් තැන්පත් නොකර වහාම ළගම ඇති පොලිසියට පැමිණිලි කරන ලෙසත් ඔහු ඉල්ලයි.