ත්‍රිරෝද රථයක් මිලට ගැනීමට ගිය ඥාතීන් පිරිසක් නිදන් හැරීමට ගිය බවට බොරු චෝදනා මත අත් අඩංගුවට ගෙන කන්දකැටිය පොලිසියේ කිහිපදෙනකු කියන පහරදීම් සහ වද හිංසා නිසා 17 හැවිරිදි සඳුන් මාලිංග තරුණයා මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කර තිබේ.
මියගිය තරුණයාගේ මව කේ.මල්ලිකා ඇතුළු පස්දෙනකු ගොනුකළ පෙත්සම් 5ක් ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇත.
ප්‍රියසාත් චෙප්, සරත් ආබෘෘ සහ ප්‍රියන්ත ජයවර්ධන විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශ කළහ.
කන්දකැටිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන්වන පී.එම්.අබේරත්න, එස්.පී.ආර්.පුෂ්පකුමාර ඇතුළු 14 දෙනෙක් වැරදිකරුවන් කරමින් මේ පෙත්සම ගොනු කර ඇත.

