පොලිසියේ වැඩ හමුදාවට පැවරුවේ ඇයි?


‘ වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි.  අපි ප‍්‍රශ්න කරනවා ඇයි හමුදාව මේකට යොදවන්න තීරණය කළේ.  ගැමියන්  මර්දනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ  තිරණය කවරු ගත්තද කියන එක රටට හෙළි කළ යුතුයැයි‘  එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා  ගැටුමෙන් මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි අවස්ථාවේදී පැවසීය.

‘ජලය  කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්.  වැලිවේරියේ සහ  රතුපස්වල ජනතාව මේ උද්ඝෝෂණය කළේ තමන්ට බීමට අවශ්‍ය  ජලය ලබාගන්න.  ඒකට ආණ්ඩුවෙන් ඇහුම් කන් දෙන්නේ නැති කොට ඒ ගොල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ.  ඒකයි  පාරට බැහැලා උද්ඝෝෂණය  කළේ.

 මේ ප‍්‍රදේශයේ ඇති ජලයේ  ඇසිඞ් තියෙන බවයි  ජනතාව කියන්නේ.‘

‘ඒ  අය සතියක්   තිස්සේ   උද්ඝෝෂණය කළා.  මේ මිනිස්සු සාමකාමීව තමයි මේ උද්ඝෝෂණ පවත්වාගෙන ගියේ.  ඔවුන්ගෙන් අදාල කර්මාන්ත ශාලාවටවත්, එහි සේවකයෙකුටවත් හිරිහැරයක් වී තිබුනේ නැහැ.‘

‘නමුත් පෙරේදා ආණ්ඩුව විසින් හමුදාව යොදවලා උද්ඝෝෂණය මර්දනය කරන්න ගිහින් තියෙනවා.   ඒ මර්දනය කරනකොට හමුදාව විසින්  වෙඩි තිබ්බා.   දැන් අවුරුදු 17 ක ළමයෙක් ජිවිතක්ෂයට පත් වෙලා තියෙනවා.  තවත් උසස්පෙළ කරන ළමයකු ඝාතනය වී ඇති බව දැනගන්න තියෙනවා.   මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.‘

මා මේ ගැන ඉතාමත්ම කණගාටු වෙනවා.  ඒ ගොල්ලන්ගේ පවුල්වලට මගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා.   අපේ නායකතුමත් කිව්වේ මේකට  ස්වාධීන පරීක්ෂණයක් තියලා මේ රටේ ජනතාවට කියන්න  ඕනේ මොකද වුනේ කියලා.‘

හමුදාව  වැලිවේරියේ ගෙවල් වලටත් පැනලා ඉතාම පහත් අන්දමට පහර දීලා තියෙනවා. ඇත්තෙන්ම අපි මේ ගැන කනගාටු වෙනවා.  ආණ්ඩුව මේ ගැන වග කියන්න  ඕනේ.

වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි.  අපි ප‍්‍රශ්ණ කරනවා ඇයි හමුදාව  මේකට යොදවන්න තීරණය කළේ.

උද්ඝෝෂනය මර්ධනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ ඒ තිරණය කවරු ගත්තද කියලා දන්නේ නැහැ.  එය රටට හෙළි කළ යුතුයි.   අපි  පාර්ලිමේන්තුවේදී  මේ ගැන සාකච්ඡා  කරන්න ඉන්නේ   ස්වාධින පරීක්ෂනයක් තියලා  මෙය  රටට හෙලිදරව් කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා.