
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වහා ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහායක සේවා ලෙසත්, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සහායක සේවා තනතුරේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමාගේ අනුමැතිය පරිදි පොලිස්පති වරයා සේවයේ අවශ්‍යතා ලෙස එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

