පොලිසියේ පුටු 12ක වෙනසක්


සේවයේ අවශ්‍යතා මත වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 12ක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී සී පී විජේසිංහ කඳාන ස්ථානාධිපති සිට කොළඹ උතුර කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සදහා

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ එච් එන් ජයතිලක ජනාධිපති ආරක්ෂක අංශයේ සිට කඳාන පොලිස් ස්ථානාධිපති ලෙස

ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එම් ඒ ගුණවර්ධන වැල්ලව පොලිස් ස්ථානාධිපති සිට පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක

පොලිස් පරීක්ෂක ජේ එම් අයි එන් ඩබ්ලිව් හේරත් නැදුන්කර්නි ස්ථානාධිපති සිට වැල්ලව ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක ඊ එස් ඩබ්ලිව් ශාන්ත බණ්ඩාර මතුරට ස්ථානාධිපති සිට නැදුන්කර්නි ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක එන් ඒ ඩී එන් පී ගුණසේකර පුණරීන් ස්ථානාධිපති සිට මතුරට ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක කේ එම් කේ බණ්ඩාර රන්ගල ස්ථානාධිපති සිට පුනරීන් ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක ඒ ඒ කේ එම් විජේසිංහ කොළඹ උතුරු කොට්ඨාසයේ සිට රන්ගල ස්ථානාධිපති

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ආර් පී අමරසිංහ මොරගහහේන ස්ථානාධිපති සිට බණ්ඩාරගම ස්ථානාධිපති

පොලිස් පරීක්ෂක වී සී පී කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මොරගහහේන ස්ථානාධිපති

පොලිස්  පරීක්ෂක ඒ අයි වෛද්‍යරත්න අහන්ගම ස්ථානාධිපති සිට ඇල්පිටිය කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි

පොලිස් පරීක්ෂක යූ ඒ වීරසේකර මාදර කොට්ඨාසයේ සිට අහංගම වැඩ බලන ස්ථානාධිපති