බදුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් අද (26) අලුයම බදුල්ල පිංඅරාවේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මළ ගෙදරකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයකු, උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.