පොලිස් නිලධාරීන්ගේ පවතින පසුගාමී ආකල්ප වෙනස් කිරීමට වහාම සූදානම් විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ උසස්ම පොලිස් නිලධාරීන්ට පැවසීය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් ජනාධිපති කාර්යාලයට කැඳවමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.
පොලිස් සේවය වඩාත් කාර්යක්ෂම බවට පත්කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ජනාධිපති සිරිසේන මහතා සහ උසස් පොලිස් නිලධාරීහු, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළහ.
නිතිය සහ සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාත්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙම රැස්වීමට සහභාගි වූහ.


