පොලිසියේ නොහැකියාව නීතීඥ සංගමය හෙළා දකියි


අලුත්ගම බේරුවල හා ධර්ගානගරයේ ජාතිබේද හා ආගමික අසමගිය පතුරුවන ආකාරයේ ජාතිවාදී කතා ප්‍රකාශ කළ අය අත්අඩංගුවට නොගැනීමෙන් පොලිසිය දැක්වූ අකාර්යක්ෂම ක්‍රියාකලාපය ඒකමතිකව හෙලා දකින බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනාවක් සම්මත කළේය.

අපරාධ නීති සංග්‍රහය යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියා නොකළැයි නීතිපතිද ඔවුන්ගේ විවේචනයට ලක් විය.