පොලිසියේ දෙන්නකුට මාලඹේදී ගහලා


ත්‍රී රෝද රියකින් පැමිණ මාලඹේ පිට්ටුගල හන්දියේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි තලංගම පොලිසියට අනුයුක්ත නිලධාරීන් දෙදෙනකුට පහර දී පළා ගිය සිව් දෙනකුගෙන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

ත්‍රී රෝද රිය පිළිබඳව ඇතිවූ සැකයක් මත එය නැවැත්වීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට එහි සිටි සිව් දෙනකු පහර දී පළා ගොස් ඇතැයිද ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් පසු පිට්ටුගල අතුරු මාර්ගයකදී ත්‍රී රෝද රිය නවතා තිදෙනකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

එක් අයකු පළා ගිය බවත් ත්‍රී රෝද රිය තුළ තිබී ගල්කටස් ගිනි අවියක් හා උල් පිහි 2ක් සොයාගත් බවත් පොලිසිය පවසයි. සැකකරුවන් තංගල්ල හා අනුරාධපුර පදිංචිකරුවන් බව කියති.