(ඔගස්ටින් ප්‍රනාන්දු/ ජුඩ් සමන්ත)
මැටි ප්‍රවාහනය කරන ලොරියකින් රුපියල් 100 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් සහායකවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අද(21) දංකොටුව - පන්නල මාර්ගයේ පිහිටි සිංගක්කුලිය පොලිස් මාර්ග බාධකයේදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇති අතර උළු ප්‍රවාහනය කරන ලොරි වලින් මෙම මාර්ග බාධකයේ සේවය කරන පොලිස් නිලධාරීන් රුපියල් 100 ක අල්ලස් ලබා ගැනීම සිරිතක්ව පවතින බව කියති.

