පොලිසියේ තිබූ දැව ගෙනගිය උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට


(සිරාජ් හසීම්)
පොලිසිය බාරයේ තිබූ දැව තොගයක් රහසිගතව ගෙනගිය බව කියන මාන්කුලම් පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවවරයාව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු එම පොලිසියේම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම ස්ථානාධිපතිවරයා මුලතිව් කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ නියෝගය මත වැඩ තහනමකට ලක්කර ඇත.
මුලතිව් මාන්කුලම් පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාරු මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදා හැර තිබේ.