පොලිසියේ තිදෙනෙක් කෝටියේ කොල්ලයට හවුල්


කොළඹ කොම්පඤවීදියේ සමිපත් බැංකුවෙන් රුපියල් කෝටියක් ගෙන යද්දී මින් මාසයකට පෙර පොලිස් වෙසින් හුනුපිටියේදී කොල්ලයක් සිදුකළ කණ්ඩායම අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසියට සම්බන්ධ තිදෙනෙක්ද මේ අතර සිටින බවත් දේශපාලඥයෙකුගේ ආරක්ෂකයෙකු එහි මහමොලකරු බවටද තොරතුරු ලැබී ඇත.

මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කරයි.

කොළඹ ව්‍යාපාරිකයෙකු  රට සල්ලි මාරුකරගෙන එද්දී මෙම කොල්ලය සිදුකර ඇත්තේ සමිපත් බැංකුවත් ඉංජිනේරු සංස්ථාවත් අතර ප්‍රදේශයේදීය.