පොලිසියේ ඉක්මන සොරු පසුබස්වයි


දෙහිඕවිට රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ගැනීමට හොරුන් පිරිසක් ගත් උත්සාහය අසාර්ථකවී ඇතැයි පොලිසිය කියයි.

අද අලුයම පොලිසියට ලැබුණු පටිගත කළ හදිසි ඇමතුමකින් කියවුණේ හදිසියක් වහාම එන්න යනුවෙනි. එහි ගිය පොලිසිය දුටුවේ ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය කැඩීමට සොරුන් උත්සාහ කළ ආකාරයයි.

පිටුපස දොරද ඉබ්බන්ද කඩා තිබූ බවත් පොලිසිය කියයි.

පොලිසියට නිසි වේලාවට එම ස්ථානයට ළඟාවීමට හැකිවූ නිසා සොරකම වළක්වාගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි.