අසාධාරණ ලෙස පොලිස් සේවයෙන් පහ කළැයි කියන අය සංවිධාන වී එම තීරණවලට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට සංවිධානයක් පිහිටුවාගෙන ඇත. පසුගිය මාස කිහිපයේ සියයකට අධික පිරිසක් සේවයෙන් පහ කර ඇත. ඉතා සුළු වැරදි හා වෙනත් අයගේ වැරදි නිසා තමන් සේවයෙන් පහ කළ බව කිහිපදෙනෙක්ම පැවසූහ. වැඩිම පිරිසක් පහ කර ඇත්තේ මධ්‍යම පළාතෙනි.

