පොලිසියෙන් ගැහුවාට සරසවි සිසුහු විරෝධය පාති


කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුන්ට පහර දුන්නැයි විරෝධය පළ කරමින් රජරට, රුහුණ හා තවත් සරසවි කිහිපයක සිසුහු අද පෙළපාළි ගියහ.

රජරට සිසුහු මිහින්තලේ නගරයටද, රුහුණු සරසවියේ පීඨ කිහිපයක සිසුහුද මේ විරෝධයට එක්වූහ.